Saturday, January 28, 2012
අයියේ අමනාප වුණත් හදවතෙ ආදරෙ දැනුණා
වෙනත් කෙනෙකු වූවා නම්
අහක බලන්නට තිබුණා
නුඹම වෙලා උන්නු නිසා
ඒ කරනට නොහැකි වුණා
නුඹේ දිහා බැලූ නිසා
දෙනෙතට හරි වැඩ තිබුණා
හඳුන ගන්න ඕනෙ නිසා
නුඹ දිහාම නෙත රැඳුණා
මා හට නුඹ නොපෙන්නුවද
ඒ ගැන හොඳ හැටි දැනුණා
නුඹෙ සෙනෙහස සුවඳ දිදී
මා අසළම සිනාසුණා
මුව ගොළු වී තිබුණා වුව
දෙනෙත් නුඹේ කතා කළා
අයියේ අමනාප වුණත්
හදවතෙ ආදරෙ දැනුණා
(මෙම නිර්මාණය අප පිටුවට පල කලේ ඉෂෘරා මධුභාෂිණි ඈපා)
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment