ආයුබෝවන්...!
අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥
Tuesday, January 31, 2012
කිමද ඔබ අමතක කලේ
ඔබේ සිත ලඟ මසිත නතරව
එදා මිමිණූ සොඳුරු හැඟුමන්
මතක නැතිවද සබඳ අද ඔබ
මේ ලොවේ මා තනි කලේ
කඳුළු පටලින් වැසුනු දෙනුවන්
පිස දමන්නට ලඟ ඉඳන්
සනසවන්නට බිඳුනු හදවත
කවුරුවත් නෑ මේ ලොවේ
ඔබේ ආලය මුසාවක් බව
සිතන්නේ මා කෙලෙසදෝ
මගේ දිවියම ඔබට පිදු හැටි
කිමද ඔබ අමතක කලේ
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ බෝදාරාගම පියුමි මධුෂාණි)
නා දළු දොතොල්
නා දළු දොතොල්
රෝස පැහැ දෙකොපුල්
සුමුදු මෘදු කෙහෙ රැළි
තිබුණේ නැ නුඹ ළග
කඨෝර ගිනියමේ
රළු පරළු පොළොවේ
සිනා සී උන්නා
ලෙසින් පියකරු
සමන් මල් සුවද නැති
දහඩියේ පෙගී ඇති
මුහුණ සගවලා පොළොවට
බලා උන්නා දවසම
ගෙවී යන වසන්තයේ
කොළ හැලුන වෘක්ෂයක
අගිස්සක හෝ රැදි
දිය බිදක් සොයමින්
ගෙවි ගොස් පෙර ලෙස
උදා හිරු පායා අහසට
සිප ගන්න තුරු පොළොව
බලා උන්නා දුකින්
මේ හිරු තරු යට
උරුමකරු ආ විගස
වැළදගෙන විදින දුක
කියනවා යන රිසියෙන් ...
(අප පිටුවට මෙම නිර්මාණය ඉදිරිපත්කලේ කැළුම් විජේවර්ධණ)
නවතින්න කලියෙන් නුබේ
ගලනා කදුලු ඇස් දිගේ..
මට දෙන්න පුලුවන්ද එක වරක්
රෝස කම්මුල් නුබේ..
මට දෙන්න පුලුවන්ද සිප ගන්න
රෝස කම්මුල් නුබේ..
සංසාරයෙන් සංසාරයට අරන් ආපු කදුලුද මන්දා..
නුබට දෙන්න සිත පෙරුම් පුරන විට ඈතට යන්නේ ඇයි මන්දා..
පින්තාරු කල සුරංගනාවිය මගේ ලොවට එන් නැති හින්දා..
බලා හිදිමි කල්පයක් සිය වසක් ඔය ඇස් මගෙ ලග ඇති හින්දා...
( නෙලූ )
Subscribe to:
Posts (Atom)