ආයුබෝවන්...!

අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම ‍උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥

Monday, January 30, 2012

සැඩ සුලග

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ශ්‍යාලිකා ජයසේකර)

සුසුම් සඟවා දුරක පා කර

සුසුම් සඟවා දුරක පා කරන්නට හැකිය කඳුළු හංගා නෙතඟ ලියා දෙන්නට හැකිය ලඟින් ඉන්නා බවට දැනෙන්නට කිව හැකිය මම ඔබට ආදරය කරන බව ලියා දිය හැකිය....
මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ සමන් ඉන්දික

සිනහවක් ලැබෙනවා නම් මට

මගේ හද ගැබ පුරා ගැවසෙන නුඹේ රුව බැහැ මකාලන්නට මගේ නෙතු ලඟ නිදන්ගත වූ නුඹේ සිනහව වටිනවා මට නමුදු අද නුඹ මා මුලා කර අන් ලඳක් හට සෙනෙහෙ පිදු විට කෙලෙස වාවම්දෝ මගේ සිත දැවෙයි සියොලඟ අවුළුවාගෙන මගේ කඳුලින් නුඹේ දිවියට සිනහවක් ලැබෙනවා නම් මට කඳුලු දෙනු මැන වයිර නොකරමි ආදරය කල සිතින් කිසි දින
(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරපත් කලේ බෝදරගම පියුමි මධුෂාණී)