ආයුබෝවන්...!

අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම ‍උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥

Tuesday, January 31, 2012

කිමද ඔබ අමතක කලේ

ඔබේ සිත ලඟ මසිත නතරව එදා මිමිණූ සොඳුරු හැඟුමන් මතක නැතිවද සබඳ අද ඔබ මේ ලොවේ මා තනි කලේ කඳුළු පටලින් වැසුනු දෙනුවන් පිස දමන්නට ලඟ ඉඳන් සනසවන්නට බිඳුනු හදවත කවුරුවත් නෑ මේ ලොවේ ඔබේ ආලය මුසාවක් බව සිතන්නේ මා කෙලෙසදෝ මගේ දිවියම ඔබට පිදු හැටි කිමද ඔබ අමතක කලේ
(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ බෝදාරාගම පියුමි මධුෂාණි)

කොහොමද මං අමතක කරන්නෙ ..ඔබව..

(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ සුභාෂිණි ගුණවර්ධන)

Don't Hurt me


(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඉන්දික කුමාර)

යන එන හමුවන මග අහුරාලා ආදරයක් වැළකිය හැකිදෝ

‍(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඉන්දික කුමාර)

නා දළු දොතොල්

නා දළු දොතොල් රෝස පැහැ දෙකොපුල් සුමුදු මෘදු කෙහෙ රැළි තිබුණේ නැ නුඹ ළග කඨෝර ගිනියමේ රළු පරළු පොළොවේ සිනා සී උන්නා ලෙසින් පියකරු සමන් මල් සුවද නැති දහඩියේ පෙගී ඇති මුහුණ සගවලා පොළොවට බලා උන්නා දවසම ගෙවී යන වසන්තයේ කොළ හැලුන වෘක්ෂයක අගිස්සක හෝ රැදි දිය බිදක් සොයමින් ගෙවි ගොස් පෙර ලෙස උදා හිරු පායා අහසට සිප ගන්න තුරු පොළොව බලා උන්නා දුකින් මේ හිරු තරු යට උරුමකරු ආ විගස වැළදගෙන විදින දුක කියනවා යන රිසියෙන් ... (අප පිටුවට මෙම නිර්මාණය ඉදිරිපත්කලේ කැළුම් විජේවර්ධණ)

නවතින්න කලියෙන් නුබේ

ගලනා කදුලු ඇස්‌ දිගේ.. මට දෙන්න පුලුවන්ද එක වරක්‌ රෝස කම්මුල් නුබේ.. මට දෙන්න පුලුවන්ද සිප ගන්න රෝස කම්මුල් නුබේ.. සංසාරයෙන් සංසාරයට අරන් ආපු කදුලුද මන්දා.. නුබට දෙන්න සිත පෙරුම් පුරන විට ඈතට යන්නේ ඇයි මන්දා.. පින්තාරු කල සුරංගනාවිය මගේ ලොවට එන් නැති හින්දා.. බලා හිදිමි කල්පයක්‌ සිය වසක්‌ ඔය ඇස්‌ මගෙ ලග ඇති හින්දා...
( නෙලූ )

Monday, January 30, 2012

සැඩ සුලග

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ශ්‍යාලිකා ජයසේකර)

සුසුම් සඟවා දුරක පා කර

සුසුම් සඟවා දුරක පා කරන්නට හැකිය කඳුළු හංගා නෙතඟ ලියා දෙන්නට හැකිය ලඟින් ඉන්නා බවට දැනෙන්නට කිව හැකිය මම ඔබට ආදරය කරන බව ලියා දිය හැකිය....
මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ සමන් ඉන්දික

සිනහවක් ලැබෙනවා නම් මට

මගේ හද ගැබ පුරා ගැවසෙන නුඹේ රුව බැහැ මකාලන්නට මගේ නෙතු ලඟ නිදන්ගත වූ නුඹේ සිනහව වටිනවා මට නමුදු අද නුඹ මා මුලා කර අන් ලඳක් හට සෙනෙහෙ පිදු විට කෙලෙස වාවම්දෝ මගේ සිත දැවෙයි සියොලඟ අවුළුවාගෙන මගේ කඳුලින් නුඹේ දිවියට සිනහවක් ලැබෙනවා නම් මට කඳුලු දෙනු මැන වයිර නොකරමි ආදරය කල සිතින් කිසි දින
(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරපත් කලේ බෝදරගම පියුමි මධුෂාණී)

Saturday, January 28, 2012

අයියේ අමනාප වුණත් හදවතෙ ආදරෙ දැනුණා

වෙනත් කෙනෙකු වූවා නම් අහක බලන්නට තිබුණා නුඹම වෙලා උන්නු නිසා ඒ කරනට නොහැකි වුණා නුඹේ දිහා බැලූ නිසා දෙනෙතට හරි වැඩ තිබුණා හඳුන ගන්න ඕනෙ නිසා නුඹ දිහාම නෙත රැඳුණා මා හට ‍නුඹ නොපෙන්නුවද ඒ ගැන හොඳ හැටි දැනුණා නුඹෙ සෙනෙහස සුවඳ දිදී මා අසළම සිනාසුණා මුව ගොළු වී තිබුණා වුව දෙනෙත් නුඹේ කතා කළා අයියේ අමනාප වුණත් හදවතෙ ආදරෙ දැනුණා (මෙම නිර්මාණය අප පිටුවට පල කලේ ඉෂෘරා මධුභාෂිණි ඈපා)
මෙම නිර්මාණය අප පිටුවට පල කලේ සුභාෂිණි ගුණවර්ධන

ආදරෙ කිසි අඩුවක් නැති

සිතිවිලි එකිනෙක හිත ලග තෙරපෙන......... කදුලැලි බොදකර නෙතු යුග රවටන........... නුඹේ රුව සිහිවී මතකය දුක්‌දෙන........... සිහිනය නුඹමයි හදවත ගොළුකල............ එනමුදු ආදරේ කිසි අඩුවක්‌ නැති................ ඒ කිසිවක්‌ නුඹ තෙරුම් ගන්නැති............ අරුමය පහදා දෙන්නට නොහැකි................. කරුමය කුමක්‌ද මට පල දී ඇති........(මෙය අප පිටුවට පල කලේ නිසදැස් පොත)

මා තනි කර ඔබ යන්න ගියා

ආදරය මට කියා දී නුබම මට දුක උරුම කලා .. ජීවිතය මට කියා දී තනිකම මට පුරුදු කලා.. සිනාසෙන්න කියා දී වේදනාව මට මතක්‌ කලා .. නුබ සමග මට ඉන්න කියා දී මා තනි කර ඔබ යන්න ගියා .. ( නෙලූ )

නෙතු ගත පුරා මුතු ගැවසෙන රැයක

නුබ ගත පුරා මල් විසිරෙන දවසක නෙතු ගත පුරා මුතු ගැවසෙන රැයක සිහිනය පුරා නුඹ ඇවිදින වෙලාවක නුඹ සිත පුරා මා නැති මුත් කමක් නැත..
අපට මෙය ලියා එව්වේ සමන් ඉන්දික සහෝදරයා

සෙවනයි ඔබේ සෙනෙහස මට ලොවම තරම්

මග බල බලා ඔබ හිදිවි දවස පුරා දොරකඩ අබියසට මා පිවිසෙනා තුරා බත් කට රස නැද්ද මා පැමිණෙනා තුරා මගෙ මව වෙන්න ඉපදෙන මතු සසර පුරා
(අප පේජයට ලියා එව්වේ සමන් ඉන්දික ‍සොයුරා)

කවි රස පද

මෙම නිර්මාණය අප ආදර ලෝකය පේජයට ඉදිරිපත් කලේ අශේන් සුබසිංහ

පුංචි කාලේ ඔයයි මමයි

පුංචි කාලේ ඔයයි මමයි තොටුපොලේ වාඩි වී ඉර බැස යනවා බලාන උන්නා මතකද ඔයාට හිරුගේ සෙවනැල්ල ගග මතට වැටුනාම කොච්චර ලස්සනද අද මට ඔයා හරියට ඒ දසුන වගේ ටික වෙලාවකට ‍මගේ ලොවට සෙවනැල්ල වැටිලා නොපෙනි යනවා ආයෙත් ඒ පුංචි කාලෙට යන්න ඇතිනම් එයා ලගින්ම ඉන්න තිබ්බා(චමි)

මහ මෙරක්‌ වගේ ඔයාට ආදරේ

මේ ඇස්‌ දෙකට ඔයා වෙනුවෙන් කදුලු නැගෙනවනම්... මෙ හිතට ඔයා වෙනුවෙන් දුක දැනෙනවනම්.... ඔයා නැතුව පාලුවක්‌ දැනෙනවනම්... ඇයි මේ හිතේ මහ මෙරක්‌ වගේ ඔයාට තියෙන ආදරේ තේරෙන්නෙ නැත්තේ සත්තලන්..(එරන්දි)

ඔබ මදක් සිතන්න

ඔබ ආදරවන්තියක් හෝ ආදර වන්තයෙක් ද? එසෙනම් මෙය මදක් සිතා බලන්න යම් කිසි ‍දවසක ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය ඔබට කිසියම් දෙයක් කරන්නට එපා කියා ඇත්ද? ඔබ එය ඉටු කිරිමට අපොසත් උවාද? ඔහු හෝ ඇයම එය තව තවත් එපා යයි කියා ඇත්ද? ඔබ තවත් එයම කලේ ද? හෝදයි ඔබ හිතන්නේ එය හරි දෙයක් හෝ වැරදි දෙයක් ද? ඔහු හෝ ඇය එය නිසා මානසිකව ඇද වැටි ඇති බව ඔබ දැක අතිද ඔවුන් එය නිසා මහත් වෙදනාවක් විදිනවා පෙනේද ඔවුන් පුල පුලා කියා සිටින්නේ එය එපාම කියා ද? එසෙනම් මෙයත් සිතන්න කෙනෙක් ගොඩක් ආදරෙ කරනවානම් එවැනි දෙවල් ගැන පුදුම විය යුතු නැත ඔවුන් එසේ කියන්නේ අපිට ඇති ආදරය වැඩි බැවිනි අපිට නොකලම හැකි දෙයක් එපාම කියනවනම් අප කල යුත්තේ ඔවුන්ට ඇත්තම තත්වය අත්ත ලෙසම ආදරයෙන් තෙරුම් කල දීමය සමහර විට ඔවුන් ‍එ කරන්නේ අපේ ආදරය පරික්ෂෘ කිරම විය හැක කෙසේ වෙතත් අපිට අපි ආදරය කරන කෙනාට වඩා වටින දෙයක් මේ ලොව නැත ඉතින් ඇයි අපි ඔවුන් මානසික පිස්සන් කරන්නේ අපිට ඇති සැනිසීම ඔව්න්ගේ සතුටයි එය දැක අපි සතුටු වෙමු අපේ සතුට මොහෝතක් කැප කරමු එවිට ඔවුන් අපිට අපේ සතුට ලබා දෙනු ඇත අපි ඔවුන් එපා කියන දෙට විරුද්ධව යනවා කියන්නේ ඔවුන් දරුනු වෙනවා කියන එකය එවිට අපෙද එවුගේද සතුට විනාශ වේ ජිවිතය කඩා වැටේ එසේ විමට ඉඩ නොදෙමු අපි ආදරය වෙනුවෙන් ජිවත් වෙමු අපිට ආදරය කල ඔවුන්ව පන මෙන් සුරකිමු මානසික වේදනාව අනිත් හැම වදයටම වඩා ඉවසිය නොහැකි දෙයක් බව අපි දනිමු මොහෙතක් මෙය ගැනත් සිතන්න(චමි රොක්ස්)

මම ආසයි වැස්‌සෙ තෙමි තෙමි ඇවිදගෙන යන්න

මම ආසයි වැස්‌සෙ තෙමි තෙමි ඇවිදගෙන යන්න... එතකොට මගෙ ඇස්‌ දෙකෙන් වටෙන කදුලු ... වැහි බින්දු වලින් වෙන් කරල පේන්නේ නෑනෙ .. ඔයාට මගෙ කදුලු නොපෙනන කොට ලෝකෙට පෙනිල මොකටද රත්තරන්.(නෙලු)

ඇයි මගේ ආදරය මේ තැනට දැම්මේ

මොන දෙවල් කලත් මොන තැන් වලින් ආවත් අපිට කවදාවත් අපි හිටපු තැන් අමතක කරන්න පුලුවන්ද අපිට පුලුවන්ද අපේ අතීතයට යන්නෙ නැතුව මෙතනින් යන්න මේ තැන් අමතක වෙන්නේ කොහොමද අපේ වත්තේ මම පැල කර රොස මල් පදුර මට කොහොමද අමතක වෙන්නෙ ඒ පදුරේ ඉස්‌සලම මල පිපුනේ ඔයා මට හමබුන දවසෙමයි අද ඒ හැමදෙම වේනස්‌ වේලා ඒ මතකයන් වලින් මට යන්න බැහැ මට ඔයාව මතක්‌ වෙනවා මට ඔයා නැති අඩුව දැනෙනවා මගෙ හිත හඩනවා ඔයාට නම් මම ගැන ගානක්‌ නැ ඇයි මගේ ආදරය මේ තැනට දැම්මේ මම එක දෙයක්‌ කියන්නම් ඔයායි වේනස්‌ උනේ මම අදත් එදා හිටපු තැනමයි (චමි රොක්ස්)

අපේ මිතුර මිතුරියන්ට ආදර ලෝකයෙන් පුංචි ඔවදනක්‌

ඉර හද කකුල මුල ගෙනල්ලා තියන්නම් කියන අය ගැන විශ්වාසය තියන්න එපා.. එහෙම අය ලග හදිස්‌සියකට ලයිට්‌ ගියාම ගන්න ගිනි පෙට්‌ටියක්‌වත් නෑ..ලෝකය ගොඩාක්‌ විෂමයි යාලුවනේ..(නෙලු)

මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම්

මට මෙන් වෙන හිතකට ඔයා ආදරෙ ඇත්නම් ඒ ආදරෙ මගේ පෙමට වැඩිය දැනෙනව නම් ඔහුගේ ළඟ මටත් වඩා ඔයාට සෙනෙහස ඇත්නම් ඔබට හොඳක් වෙන්න සිතා මං තනිව ම ඉන්නම්(GVS)

මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ

තමන් ගොඩාක්‌ ආදරේ කරපු කෙනෙක්‌ව අමතක කරන එක.. තමන් කවදාවත්ම දැකලා නැති කෙනෙක්‌ව මතක්‌ කරනවාටත් වඩා අමාරු දෙයක්‌..මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ කියන්නේ ඒකයි..මොකද ඔයාලා කියන්නේ යාලුවනේ මේ ගැන..(නෙලු)

මම ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ

මා එක්ක දවසක් නොවේ නල්පයක් හරි මෙහෙම ජිවත් වෙන්න පුලුවන් මම ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ එහේම හිතන්නත් එපා මගේ රත්තරන් (ධනු රොක්ස්)

පුංචි කතාවක්‌ තියෙනවා කියන්න

මොනවා උනත් ඔයාට මට පුංචි කතාවක්‌ තියෙනවා කියන්න.. හිතා ගන්න බෑ ඔයා නැති ලෝකෙක හුස්‌ම ගන්න .. දරා ගන්න බෑ මට ඔයා නැති උනා කියලා හිතා ගන්න.. ඒත් රත්තරන්.. මේ හිත මටත් නොකියා හිමින් හිමින් හරි හැදේවි.. එදාට මම හරි හයියෙන් හිනා වෙනවා.. ඔයා වෙනුවෙන් පැලි පැලී මේ අඩා වැටෙන මගෙ හිතටම..
( නෙලූ )

මන් අහස තරම් දුර යන්නේ නෑ

ම්ම දෙවියන්ගෙන් මගේ සතුට කවමදාවත් ඉල්ලුවේ

ම්ම දෙවියන්ගෙන් මගේ සතුට කවමදාවත් ඉල්ලුවේ නෑ.මන් හැමවෙලෙම ඉල්ලුවේ ඔයාගේ සතුට. ඒත් පුංචි දෙයකටත් ඔයාට ලොකු වෙදනාවක් දැනෙනවා. ඔයාගේ සතුට මන් නැති තැනනම් ඔයාගේ සතුට වෙනුවෙන් ඔයාගෙන් ඈතට යන්නම් හැබැයි මට දුන්නු ඔයාගේ ආදරේ තව කෙනෙක්ටනම් දෙන්න එපා. ඇයි දන්නවාද. ඔයාගේ සතුට තියෙන්නේ මන් ගාව කියලා ඔයාට වැට හෙන දවසක් එනවා සත්තයි එදාට මන් ගාවට ඇවිල්ලා මහ මෙරක් තරම් ආදරය දෙන්න පුලුවන් විදියට ජිවත් වෙන්න. මන් ඉල්ලන්නේ එච්චරමයි මගේ හදවත ඔයාටමයි එක ඔයාගෙමයි ♥ ♥ ♥ (චමි රොක්ස්)

ආදරය කරපු හිත අන්සතු උනායින් පසු

ආදරය කරපු හිත අන්සතු උනායින් පසු.. නිමා උනත් කම් නෑ ජීවිතේ මා පැතූ.. දුක දරා ගන්න බැරි වේදැයි සිතේ මින් මතු.. මම කවදාවත් හැඩෙව්වෙ නෑ තාරකා නෙතූ.. මගෙ වැලපෙන නෙතු අද්දර සිනහා පුබුදුවන්.. මට දුන් ගත වෙන කෙනෙකුට දුන්නෙ ඇයි හොරෙන්.. ඈත් වෙන්නෙ කෙලෙසද මේ වේදනා අතරෙන්.. කොයි අත බැලුවත් පෙනෙන්නෙ ඔයයි රත්තරන්.. ඔබ කෝල බැලුම් දුන් නෙතගින් කදුල මට තියා.. ආදරය කරපු හිත තනිකර ඈත ඔබ ගියා.. විරහ ගින්න ඇවිලෙන හද මඩල ගිනි තියා .. ගියත් පතමි ඔබ හට වාසනාවන් කියා.. ( නෙලූ )

ස්‌වභාව ධර්මය

මලකට කවදාවත් තමන්ව දරාගෙන ඉන්න නටුවට ද්‍රෝහි වෙන්න බෑ. ගගකට කවදාවත් තමන්ව රකින ඉවුරු දෙකට ද්‍රෝහි වෙන්න බෑ . එහෙම උනොත් ඉවුර බිදිලා ගිහින් ගග විනාශ වෙනවා .
මේ නීතිය අපි හැමෝටමත් පොදුයි .. ඒ නිසා කවදාවත් තමන්ට පන වගේ ආදරේ කරන .. තමන් වෙනුවෙන් ජිවත් වෙන හිතකට ද්‍රෝහි වෙන්න එපා . කවදාවත් එපා . .... ( නෙලූ )

ඔබ පාවී ගියා

දුර ඈතකට .. මා සසැලී තියා වරු ගානකට.. නෙතු ගාවින් තියා රුව මොහොතකට .. ඔබ සැගවී ගියා වෙන හීනෙකට .. ඔබ ඒවි සිතා ලග පාතකට .. මා නැවතී බලා ඉමි ආ මගම .. ( නෙලූ )

Thursday, January 26, 2012

ආදරෙයි සයුර තරම්

ආදරෙ සයුර තරමට හදවත පුරවා කදුලු තොටුපලක මා තනි කරලා නුබ ගොසින් ඈතින් ඈතට ඇදිලා තවම මම මේ තොටුපොලට වෙලා බලන් සිටිමි අහිම ඔබ එන තුරා

ඔයාගේ අදරය පුදුමාකාරයි

මට පුලුවන් උනානම් මේ ජිවන ගමන කෙටි කරගන්න මම එක කරනවා. මොකද මරණයට මම එදා බය උනා ඒ ඔයාව දාලා මට මැරෙන්න බැරි නිසා. ඔයාව කාටවත් අයිති වෙනවට අක මැතිවුන නිසා. එත් අද ඔයා මාවත් දලා ගිහින් තව නොබො දිනයකින් වේන කාගෙවත් වෙනවා. ජිවිතයට ආස කල මම අද මරණයට ආදරය කරනවා. ඔයා හිනා වෙනවා මම පිච්චෙනවා. කොහොමද එහෙම කරන්න ඔයාට පුලුවන් උනේ. ජිවිතය කියන්නෙ පුදුමාකර දෙයක්‌ එත් මට ඔයාගේ අදරය පුදුමාකාරයි කියලා හිතුනෙ නැහැ මේ වේනකම්. (චමි රොක්ස්)

අතීතය මිහිරි අමිහිරි

මනුසයෙක්‌ මැරුනම එ කෙනාගෙ මතකය තියලා ශරිරය පොලවට පස්‌ වේනවා ආදරය කවදාවත් මොනම විදියටවත් මිහිදන් කරන්න බැහැ .......අතීතය මිහිරි අමිහිරි වුවත් හැම වේලේම අපෙ ඉදිරියෙ.......(චමි රොක්ස්)

හිම හංසියෙ

අපේ අදරය දැන් හිම වැස්‌සක්‌ වගෙ..... ඒ හිම වැස්‌සෙ යට ට වෙලා ඉන්න මම අසයි................... ඔයා ඒ හිම වැස්‌සෙ හිම කුමරිකාවක්‌ වගේ..... මම හිම කුමාරයක්‌ වගේ නෙද ? මගේ හිම හංසියෙ..........................! (චමි රොක්ස්)

මගේ සතුට ඔයාට දුකක්

මම ඔයාව සතුටු කලා ඔයාව හිනැස්සුවා ඇති තරම් ඔයාට ආදරෙ දුන්නා ඔයාගේ සතුටෙදි ඔයාටත් වඩා මන් සතුටු වුනා දුකේදි ඔයාට කදුලු එන්න කලින් මට කුදුලු ආවා ඔයා මට කොච්චර බැන්නත් මම ඔයා එක්ක තරහා උනේ නෑ ඇත්තටම ඔයාට කාටවත්ම දෙයක් කියන්න දුන්නේ නෑ හැමෝගෙන්ම හැන්ගිලා ආදරය කරා ඒත් අද මගේ සතුට ඔයාට දුකක් වෙලා එහේම වෙන්නේ කොහෝමද ? අද මම ඔයාටත් වඩා දුකින්. (චමි රොක්ස්)

පිලිගනිද මගේ රාජිණී

ආදරෙ කියාගන්න බෑ වේදනා නිවාලන්න නෑ සිහිනයන් දවාලන්න බෑ මා ඔබෙන් මිදි ය‍න්නේ නෑ ලස්සනයි ඔබේ ආදරෙ සුන්දරයි සිතූ සිහිනයේ ඔබ තමයි මගේ ජිවිතේ පවසමී මගේ ආදරේ පිලිගනිද මගේ රාජිණී ••►චමි රොක්ස්◄••

මියදුනත් නුබට ආදරෙයි

නුබ වෙනුවෙන්ම ගේවු මගේ ජිවිතයේ අවසානය ලගා වී ඇත නුබේ ආදරය මහ මෙරක් වු කල කෙසෙනම් වෙන්වන්නද සෑම ආදරයකම මෙන් මට අවැසි වුනේ නුබේ රත්තරං ආදරේ ඒත් මම නුබට ප්‍රශ්ණ ගොඩක් දුක් කන්දක් ඉතින් රත්තරං මා මියදුනත් හැමදාමත් ආදරෙ නුබටමයි (චමි රොක්ස්)

Tuesday, January 24, 2012

ආදරයක මිහිර

ජවිතයට සුවද අරන් ආදරයක මිහිර අරන් ආව නුබව මගේම කරන් ඉන්නම් අද තුරුලු කරන් සිහින ගෙනපු කුමාරියේ සතුට සදන තුරුණු වියේ ආදර‍යට ගෙලට නුබේ දමමි මාල මගේ මැණිකේ (චමි රොක්ස්)

ආදර හැගීම්

ඔය උණුහුමට තුරුල් වී ඉන්න හැමදාම ඔබ ලග ඉන්න මේ හිත කොච්චර ආසද රත්තරන් නොවේන්නම් ඔබට දුක් ගින්නක් නිවන්නම් ඔබේ හදේ ගිනිදැල් වෙන්නම් ඔබට සතුටු කන්දක් ගෙනෙන්නම් මුවගට සිනා හසරැල් (චමී රොක්ස්)