ආයුබෝවන්...!

අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම ‍උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥

Monday, January 30, 2012

සැඩ සුලග

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ශ්‍යාලිකා ජයසේකර)

සුසුම් සඟවා දුරක පා කර

සුසුම් සඟවා දුරක පා කරන්නට හැකිය කඳුළු හංගා නෙතඟ ලියා දෙන්නට හැකිය ලඟින් ඉන්නා බවට දැනෙන්නට කිව හැකිය මම ඔබට ආදරය කරන බව ලියා දිය හැකිය....
මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ සමන් ඉන්දික

සිනහවක් ලැබෙනවා නම් මට

මගේ හද ගැබ පුරා ගැවසෙන නුඹේ රුව බැහැ මකාලන්නට මගේ නෙතු ලඟ නිදන්ගත වූ නුඹේ සිනහව වටිනවා මට නමුදු අද නුඹ මා මුලා කර අන් ලඳක් හට සෙනෙහෙ පිදු විට කෙලෙස වාවම්දෝ මගේ සිත දැවෙයි සියොලඟ අවුළුවාගෙන මගේ කඳුලින් නුඹේ දිවියට සිනහවක් ලැබෙනවා නම් මට කඳුලු දෙනු මැන වයිර නොකරමි ආදරය කල සිතින් කිසි දින
(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරපත් කලේ බෝදරගම පියුමි මධුෂාණී)

Saturday, January 28, 2012

අයියේ අමනාප වුණත් හදවතෙ ආදරෙ දැනුණා

වෙනත් කෙනෙකු වූවා නම් අහක බලන්නට තිබුණා නුඹම වෙලා උන්නු නිසා ඒ කරනට නොහැකි වුණා නුඹේ දිහා බැලූ නිසා දෙනෙතට හරි වැඩ තිබුණා හඳුන ගන්න ඕනෙ නිසා නුඹ දිහාම නෙත රැඳුණා මා හට ‍නුඹ නොපෙන්නුවද ඒ ගැන හොඳ හැටි දැනුණා නුඹෙ සෙනෙහස සුවඳ දිදී මා අසළම සිනාසුණා මුව ගොළු වී තිබුණා වුව දෙනෙත් නුඹේ කතා කළා අයියේ අමනාප වුණත් හදවතෙ ආදරෙ දැනුණා (මෙම නිර්මාණය අප පිටුවට පල කලේ ඉෂෘරා මධුභාෂිණි ඈපා)
මෙම නිර්මාණය අප පිටුවට පල කලේ සුභාෂිණි ගුණවර්ධන

ආදරෙ කිසි අඩුවක් නැති

සිතිවිලි එකිනෙක හිත ලග තෙරපෙන......... කදුලැලි බොදකර නෙතු යුග රවටන........... නුඹේ රුව සිහිවී මතකය දුක්‌දෙන........... සිහිනය නුඹමයි හදවත ගොළුකල............ එනමුදු ආදරේ කිසි අඩුවක්‌ නැති................ ඒ කිසිවක්‌ නුඹ තෙරුම් ගන්නැති............ අරුමය පහදා දෙන්නට නොහැකි................. කරුමය කුමක්‌ද මට පල දී ඇති........(මෙය අප පිටුවට පල කලේ නිසදැස් පොත)

මා තනි කර ඔබ යන්න ගියා

ආදරය මට කියා දී නුබම මට දුක උරුම කලා .. ජීවිතය මට කියා දී තනිකම මට පුරුදු කලා.. සිනාසෙන්න කියා දී වේදනාව මට මතක්‌ කලා .. නුබ සමග මට ඉන්න කියා දී මා තනි කර ඔබ යන්න ගියා .. ( නෙලූ )