ආයුබෝවන්...!

අප ඉපදුණු දා පටන් මවගෙන් පටන් ගන්නා ආදරය මිය යන තුරුම විවධ ආකාරයෙන් අප වෙත එයි. අප සිනාසෙන්නේද අඩන්නේද මේ ආදරය නිසාවෙනි. හුදෙක් එය මුලු මානව සන්හතියටම ‍උරුම පොදු සත්‍යතාවකි.ආදරය යනු මුලු ලොකයේම පැවැත්මයි ඔබ සිතේ හට ගන්නා ආදරනිය සිතුවිලි අප සමග බෙදා ගැනීම අප සතුටයි.♥

Tuesday, January 31, 2012

Don't Hurt me


(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඉන්දික කුමාර)

යන එන හමුවන මග අහුරාලා ආදරයක් වැළකිය හැකිදෝ

‍(මෙම නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ඉන්දික කුමාර)

නා දළු දොතොල්

නා දළු දොතොල් රෝස පැහැ දෙකොපුල් සුමුදු මෘදු කෙහෙ රැළි තිබුණේ නැ නුඹ ළග කඨෝර ගිනියමේ රළු පරළු පොළොවේ සිනා සී උන්නා ලෙසින් පියකරු සමන් මල් සුවද නැති දහඩියේ පෙගී ඇති මුහුණ සගවලා පොළොවට බලා උන්නා දවසම ගෙවී යන වසන්තයේ කොළ හැලුන වෘක්ෂයක අගිස්සක හෝ රැදි දිය බිදක් සොයමින් ගෙවි ගොස් පෙර ලෙස උදා හිරු පායා අහසට සිප ගන්න තුරු පොළොව බලා උන්නා දුකින් මේ හිරු තරු යට උරුමකරු ආ විගස වැළදගෙන විදින දුක කියනවා යන රිසියෙන් ... (අප පිටුවට මෙම නිර්මාණය ඉදිරිපත්කලේ කැළුම් විජේවර්ධණ)

නවතින්න කලියෙන් නුබේ

ගලනා කදුලු ඇස්‌ දිගේ.. මට දෙන්න පුලුවන්ද එක වරක්‌ රෝස කම්මුල් නුබේ.. මට දෙන්න පුලුවන්ද සිප ගන්න රෝස කම්මුල් නුබේ.. සංසාරයෙන් සංසාරයට අරන් ආපු කදුලුද මන්දා.. නුබට දෙන්න සිත පෙරුම් පුරන විට ඈතට යන්නේ ඇයි මන්දා.. පින්තාරු කල සුරංගනාවිය මගේ ලොවට එන් නැති හින්දා.. බලා හිදිමි කල්පයක්‌ සිය වසක්‌ ඔය ඇස්‌ මගෙ ලග ඇති හින්දා...
( නෙලූ )

Monday, January 30, 2012

සැඩ සුලග

(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ ශ්‍යාලිකා ජයසේකර)

සුසුම් සඟවා දුරක පා කර

සුසුම් සඟවා දුරක පා කරන්නට හැකිය කඳුළු හංගා නෙතඟ ලියා දෙන්නට හැකිය ලඟින් ඉන්නා බවට දැනෙන්නට කිව හැකිය මම ඔබට ආදරය කරන බව ලියා දිය හැකිය....
මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරිපත් කලේ සමන් ඉන්දික

සිනහවක් ලැබෙනවා නම් මට

මගේ හද ගැබ පුරා ගැවසෙන නුඹේ රුව බැහැ මකාලන්නට මගේ නෙතු ලඟ නිදන්ගත වූ නුඹේ සිනහව වටිනවා මට නමුදු අද නුඹ මා මුලා කර අන් ලඳක් හට සෙනෙහෙ පිදු විට කෙලෙස වාවම්දෝ මගේ සිත දැවෙයි සියොලඟ අවුළුවාගෙන මගේ කඳුලින් නුඹේ දිවියට සිනහවක් ලැබෙනවා නම් මට කඳුලු දෙනු මැන වයිර නොකරමි ආදරය කල සිතින් කිසි දින
(මෙම ලස්සන නිර්මාණය අප පේජයට ඉදිරපත් කලේ බෝදරගම පියුමි මධුෂාණී)